ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයෙන් 90ක් ජීවිතක්ෂයට
2024-07-14 15:52:46
Share with:

ඊශ්‍රායල හමුදාව ඊයේ(13) රාත්‍රියේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ Khan Younis නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් පුද්ගලයන් 90ක් මිය ‍ගොස් ඇත. ඒ අතරින් අඩක් කාන්තාවන් හා දරුවන් වන අතර තවත් 300ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

Hamas සංවිධානයේ නායකයන් දෙදෙනෙක් සිටි ස්ථානය වෙත ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ඊයේ(13) ප්‍රකාශ කර ඇත. ප්‍රහාරයේ බරපතල බව සැඟවීම අරමුණු කොට එවැනි ප්‍රකාශ ඔවුන් සිදු කරන බව Hamas සංවිධානය කියා සිටී. මෙය එවැනි සාවද්‍ය ප්‍රකාශ කිරීමේ ප්‍රථම අවස්ථාව නොවන බව ද Hamas සංවිධානය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම