මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන ව්‍යාපෘතියට OPEC වෙතින් රු. කෝටි 3,000ක්
2024-07-14 16:45:12
Share with:

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන ව්‍යාපෘතිය සඳහා රු. කෝටි 3,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 100ක) ආධාරයක් පිරිනැමීමට ඔපෙක් අරමුදල එකඟතාව පළ කර තිබේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය කළමනාකරු යූසෆ් අල්මුලහ්ම් යන මහත්වරුන් අතර මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශයේ සිට හුරුලු වැව සහ මහ කනදරාව වැව දක්වා මේ ව්‍යාපෘතිය මඟින් පෝෂණය වනු ඇත.

ඔපෙක් අරමුදල මඟින් මීට පෙර අවසන් කරන ලද ව්‍යාපෘති 13ක් වෙනුවෙන් සිය දායකත්වය දක්වා ඇති අතර, එම ආධාර යටතේ තවත් ව්‍යාපෘති 7ක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම