අංග සම්පූර්ණ ප්‍රබල ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කළ හැකි ලොව ඇති එකම රට චීනයයි
2024-07-14 14:30:42
Share with:

2012 වසරේ දෙසැම්බර් මස චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා‍ ලෙස තේරී පත්වූ ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ විවෘත භාවය හා ප්‍රතිසංස්කරණය, නූතන චීනයේ ඉරණම තීරණය කරන වැදගත් සාධකයක් බවයි. ඉන් පසු ෂී ජින් පිං මහතා කේන්ද්‍රීය කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීමේ පූර්ණ සැලැස්මක් සකස් කරමින් එමගින් පද්ධති නිර්මාණය කොට ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කිරීමේ නව යුගය ආරම්භ කළේය.

මෙම වසරේ මුල් කාලයේදී ෂී ජින් පිං මහතා අවධාරණය කළේ විවෘත භාවය හා ප්‍රතිසංස්කරණය, චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය තීරණය කරන වැදගත් සාධකයක් බවයි. අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම වැදගත් අදියරකට ප්‍රවේශ වනු ඇතැයි ඉන් පිළිබිඹු වේ.

අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම, චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ මූලික ගාමක බලවේගයක් ලෙස ෂී ජින් පිං මහතා සලකයි. සම්පූර්ණ, විද්‍යාත්මක මෙන්ම ප්‍රමිතිගත ක්‍රම ස්ථාපිත කිරීමෙන් රටේ පරිපාලන පද්ධතියේ නවීකරණ මට්ටම දියුණු කළ හැකි බව හෙතෙම විශ්වාස කරයි. ආර්ථික ක්‍රම, ප්‍රජාතාන්ත්‍රික නීතිමය පාලනය, සංස්කෘතික ක්‍රම, ජන ජීවිත, ජෛව පරිසරය ගොඩනැගීම, ජාතිකාරක්ෂක හා හමුදා, රාජ්‍යතාන්ත්‍රික ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රම ප්‍රතිසංස්කරණ ඊට ඇතුළත් ය. එය ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ රාජ්‍ය පරිපාලන පද්ධතියකි. එය ඉතිහාසයේ හා වර්තමානයේ සියළු දෙස් විදෙස් හිතකර අත්දැකීම් පදනම් කර ගන්නා රාජ්‍ය පරිපාලන පද්ධතියකි.

රාජ්‍ය පරිපාලන පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා පාලක පක්ෂය පරිපාලන හැකියාව නවීකරණය කිරීමේ මට්ටම වැඩිදියුණු කිරීමට අවශ්‍ය ය. පක්ෂයේ “ස්වයං විප්ලවය”, චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය පරිපාලන පද්ධතිය හා පාලන හැකියාව නවීකරණය කිරීමේ වැදගත් පදනමක් ලෙස ෂී ජින් පිං මහතා සලකයි. ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව පාලනය කිරීම වෙනුවෙන් ආයතනික සහතිකය ‍ස්ථාපිත කෙරේ.

චීනය හා චීන කොමියුනිස්ට් පක්ෂය තරම් ස්වයං විප්ලවය දැඩිව අනුගමනය කරන, මහා පරිමාණ ප්‍රතිසංස්කරණය කරන හා පද්ධතිමය වශයෙන් ක්‍රමය නැවත සකස් කරන රටවල් හා පක්ෂ ලෝකයේ ‍වෙනත් නොමැත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම