2024 වසරේ චීන- රුසියා ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය අරඹයි
2024-07-14 18:51:46
Share with:

දකුණු චීනයේ ගුවං තුං පළාතේ චාන් චියං නුවර පිහිටි යුද වරායකදී 2024 වසරේ චීන- රුසියා ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය වෙනුවෙන් ආරම්භක උත්සවයක් අද (14) පැවැත්විණ.

නාවික හමුදා සංවර්ධනය පිළිබඳව චීනය හා රුසියාව අතර පුළුල් හුවමාරුවක් පවතී. දෙරට නාවික හමුදා ඒකාබද්ධ ව යුද අභ්‍යාසයට එක්වීමේ යාන්ත්‍රණය තව තවත් පූර්ණ වෙමින් තිබෙන බව මෙවර යුද අභ්‍යාසය මෙහෙයවන චීන පාර්ශ්වය පවසයි. ඊට සහාය දුන් රුසියානු පාර්ශ්වය කියා සිටින්නේ ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසයක් පැවැත්වීම මගින් දෙරට නාවික හමුදාවන්ට සිය වෘත්තීය මට්ටම හා සම්බන්ධීකරණ හැකියාව ඉහළ නංවා ගත හැකි බවයි. රුසියාව හා චීනය මුහුදු කලාපයේ ආරක්ෂාව රැකගැනීම සඳහා මෙවන් යුද අභ්‍යාසයක් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද රුසියානු පාර්ශ්වය සඳහන් කරයි.

‍එම ආරම්භක උත්සවයෙන් පසු යුද අභ්‍යාසයට එක්ව සිටින දෙරට යුද නෞකා චාන් චියං නුවර ආසන්න මුහුදු ප්‍රදේශයකට ගොස් බහු අභ්‍යාසවල නිරත වනු ඇත. ඔවුන් සැබෑ අවි පුහුණුවකට සහභාගි වීමට ද නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම