කීරි සම්බා හිඟය අවසන් කරන සැලසුම සාර්ථක වෙයි
2024-07-14 16:43:17
Share with:

වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට ලබා දුන් උපදෙස් මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 500ක බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් මෙවර යල කන්නයේ දී ආරම්භ කළේය. ඒ අනුව අඟුණකොළපැලැස්ස අලුත්වැව කීරි සම්බා වගාවේ අස්වනු නෙලීම ඉදිරි සතියේ සිදු කිරීමට නියමිතය.

මෙහි සමස්ත අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට සැලසුම් කර තිබේ.  හම්බන්තොට දිස්ත්‍රික්කයේ  තවත් අක්කර 2000ක කීරි සම්බා වගා කිරීම සඳහා කටයුතු යොදන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත.

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම