රණවිරුවන්ගේ පදිංචියට දී ඇති රජයේ ඉඩම්වලට කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු
2024-07-14 16:41:56
Share with:

රණවිරුවන්ගේ පදිංචියට දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ. මෙරට ස්වෛරීභාවය රැකගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය දීම මෙහි අරමුණයි.

මේ වැඩසටහන ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.

මෙම ජාතික වැඩසටහන මාස 4ක් තුළ අවසන් කිරීමට නියමිතය. මේ පිළිබඳ රණවිරුවන් දැනුම්වත් කිරීම හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් දී ස්ථාන 4කදී ඔප්පු ලබා දීමේ ජංගම වැඩසටහන් පැවැත්වීමටද කටයුතු සංවිධාන කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම