නව යුගයේ චීන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිපත්ති(2) - අදහස් හා ක්‍රමවේද ප්‍රතිසංස්කරණවල ඵලදායීතාව තීරණය කරයි
2024-07-13 09:37:41
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය මැයි 23 වැනිදා ශැන්තුං පළාතේ නිරත වූ නිරීක්ෂණ චාරිකාව අතරතුර ව්‍යවසායකයන් හා විශේෂඥයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

චීනයේ ප්‍රතිසංස්කරණය තවදුරටත් පුළුල් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී, දැනට පවතින නුසුදුසු හා අසාධාරණ අංග ඉවත් කිරීමට සමගාමීව යුගයේ සංවර්ධන අවශ්‍යතාවලට අනුවර්තනය වන නව යාන්ත්‍රණ හා පද්ධති ස්ථාපනය කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. “ඉවත් කිරීම”සහ“ස්ථාපනය කිරීම”අතර තර්කානුකූල සම්බන්ධය නිවැරදිව ග්‍රහණය කර ගත හැකි නම්, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව ප්‍රවර්ධනය කොට අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකි බව ද ඔහු එහිදී කියාසිටියේය.

ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමේදී, ෂී ජින් පිං මහතා ඒවායේ විධිමත්භාවය පිළිබඳ ප්‍රශස්ත අවබෝධයකින් යුතුව අදාළ විමර්ශන හා පර්යේෂණ සිදුකර තිබේ. ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා ඔහු අපෝහක භෞතිකවාදී ස්ථාවරය හා ක්‍රමවේදය භාවිත කරමින් නවයු‍ගයේ සමස්ත චීනය පුරා පූර්ණ ප්‍රතිසංස්කරණය මෙහෙයවා තිබේ.

1978 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 11 වැනි කොංග්‍රසයේ  3 වැනි පූර්ණ සැසිවාරය චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ ආරම්භක අවස්ථාවයි. ඩෙන් ෂියාඕපිං මහතාගේ චින්තනයට අනුව, "ඇතැම් ජනතාවට සහ ඇතැම් ප්‍රදේශවලට පළමුව පොහොසත් වීමට ඉඩ දී, පසුව සෙසු පිරිස සහ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කර, අවසානයේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කිරීම" යන ප්‍රතිපත්තිය චීනය විසින් අනුගමනය කරනු ලැබීය. මෙම ප්‍රතිපත්තිය සමස්ත ජාතික ආර්ථික සංවර්ධනයේ සාර්ථකත්වය තහවුරු කිරීමෙහි සමත් විය.

නවයුගයේ චීන ජනතාව කැපවී සිටින චීන මාදිලියේ නවීකරණයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සමස්ත චීන ජනතාවට පොදු සමෘද්ධිය උදාකරන නවීකරණය සාක්ෂාත් කිරීමයි. ෂී ජින් පිං මහතා විසින් මෙහෙයවනු ලබන ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ මෙහෙයුමේ ප්‍රමුඛ ඉලක්කය මෙයයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ෂි ජින් පිං මහතා විධිමත් සැලසුම්කරණයක් අනුගමනය කළේය. සමස්තවාදය සහ සහජීවනය මෙහිදී ඉස්මතු වන සංකල්ප වේ.

බෙයිජිං-ටියැන්ජින්-හෙබෙයි කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය, යැංසි ගංගා ආර්ථික තීරයේ සංවර්ධනය, ගුවැන්ඩොං-හොංකොං-මැකෞව් මහා බොක්ක ප්‍රදේශයේ ඉදිකිරීම්, යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකීයකරණ සංවර්ධනය හා කහ ගංගා ද්‍රෝණියේ පාරිසරික ආරක්ෂාව හා උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීම වැනි ප්‍රධාන කලාපීය සංවර්ධන උපායමාර්ග, ෂී ජින්පිං මහතා තමන් විසින් සැලසුම් කොට ක්‍රියාවට නැංවීය. කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපායමාර්ග ද ඊට සමගාමීව අරඹා තිබේ. බටහිර මහා සංවර්ධනය, ඊසානදිග පූර්ණ පුනර්ජීවනය, මධ්‍යම කලාපයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ නැගෙනහිර කලාපයේ නවීකරණ ප්‍රවර්ධනය කඩිනම් කිරීම යනාදී පියවර ද මීට ඇතුළත් පුළුල්  සංවර්ධන ව්‍යාපෘතීන් වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම