පාසල් 500ක ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් නැංවීමට චීනයෙන් මූල්‍ය ප්‍රදානයක්
2024-07-13 16:10:56
Share with:

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ දැවැන්ත වෙනසකට මුල පුරමින් පාසල් 500ක සුහුරු පන්ති කාමර 900ක ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් නැංවීමට මහජන චීන සමූහාණ්ඩුව මූල්‍ය ප්‍රදානයක් පිරිනමා තිබේ. මේ මූල්‍ය ප්‍රදානයට අවශ්‍ය ගිවිසුම අත්සන් කිරීම ඉකුත්දා චීනයේ බෙයිජිං නුවරදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනයේ උප සභාපති යැං වෙයිකුන් යන මහත්වරුන් අතර සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට විශාල උත්ප්‍රේරණයක් සැපයීමේ මූලාරම්භය ලෙස මේ මූල්‍ය ප්‍රදානය හැඳින්විය හැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී කීය. නවීනතම අධ්‍යාපන දත්ත මධ්‍යස්ථානයක්, බහු මාධ්‍ය දූරස්ථ ඉගෙනුම් සහ සම්මන්ත්‍රණ සඳහා පහසුකම් සැලසීම ඇතුළු නවීනතම අධ්‍යාපන යටිතල පහසුකම් දියුණු කිරීමට මේ මුදල් යොදාගනු ලැබේ. ශ්‍රී ලංකා රජය මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දී ඇති අතර, අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම එහි ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.

 

 

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම