චීන-රුසියා පාර්ලිමේන්තු සහයෝගිතා කමිටුවේ 9 වැනි සමුළුව පැවැත්වේ
2024-07-13 16:49:15
Share with:

රුසියානු ජාතික ඩුමා සභාවේ සභාපතිවරයා හා ෆෙඩරල් කමිටුවේ සභාපතිවරයාගේ ඇරයුමට අනුව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා පසුගිය 9 වනදා සිට 13 වනදා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත  වෙමින් චීන රුසියා පාර්ලිමේන්තු සහයෝගිතා කමිටුවේ 9 වැනි සමුළුවට එක් විය.

චීන-රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදෙන බව Zhao Leji මහතා මහතා එහිදී පැවසීය. දෙරටේ නායකයන්ගේ ප්‍රධානත්වය යටතේ චීන රුසියා නව යුගයේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව උසස් මට්ටමෙන් හා අධි ගුණාත්මක භාවයෙන් යුතුව සංවර්ධනය වීමෙන් දෙරටේ ජනතාව ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා ගෙන ඇත. රුසියා ෆෙඩරල් පාර්ලිමෙන්තුව සමග නීති සම්පාදනයට අදාළව නායකයන්ගේ එකඟතාව ක්‍රියාවට නංවමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය, ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරු කිරීම හා ජනතාව අතර මිතුදම වර්ධනය කිරීම වෙනුවෙන් කැප වීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhao Leji මහතා කීය.

දෙරට නීති සම්පාදක ආයතන අඛණ්ඩව උසස් මට්ටමේ සහයෝගිතා පැවැත්වීම, නීති සම්පාදනයේ ද්විපාර්ශ්වික සහයෝගිතාවන්හි ප්‍රමුඛ යෝජනා ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බව මේ අවස්ථාවට එක් වූ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පැවසීය. රුසියානු චීන පාර්ලිමේන්තු සහයෝගිතා කමිටුවේ කටයුතු ශක්තිමත් කිරීම, දෙරට අත්දැකීම් හුවමාරු කිරීමට, අන්‍යෝන්‍ය අධ්‍යයනයට, නීති සම්පාදනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පැවැත්වීමට උපකාරී වන බව Vladimir Putin මහතා කීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම