මේ වසරේ මුල් භාගයේ චීනයේ ආනයනය හා අපනයනය ප්‍රථම වරට චීන යුවාන් ට්‍රිලියන 21කට වැඩි අගයක් වාර්තා කරයි
2024-07-13 17:48:10
Share with:

මේ වසරේ මුල් භාගයේ චීන විදේශ වෙළඳාම පිළිබඳ දත්ත රැසක් ඊයේ (12) නිකුත් කෙරිණ. එම කාල සීමාව තුළ චීනයේ භාණ්ඩ වෙළඳාමේ ආනයනය හා අපනයනය චීන යුවාන් ට්‍රිලියන 21.17ක අගයක් ලබාගෙන ඇති බවත්, එය 2023 වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂ ව 6.1%ක වර්ධනයක් බවත්, එම දත්තවල දැක්වේ. මේ වසරේ මුල් භාගයේ චීනයේ ආනයනය හා අපනයනය පෙර තිබූ තත්ත්වයන් අභිබවමින් ප්‍රථම වරට චීන යුවාන් ට්‍රිලියන 21කට වැඩි අගයක් අත්කරගෙන නව වාර්තාවක් නිර්මාණය කර තිබීම කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සැලකේ. මේ පිළිබඳව වාර්තා කිරීමේදී විදෙස් මාධ්‍ය ධනාත්මක‍ව එය අගය කර තිබේ. බටහිර රටවල් චීනයට එරෙහිව විවිධාකාර පියවර ගෙන තිබීමේ පසුබිම යටතේ චීන විදේශ වෙළඳාම මෙවන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

 චීන විදේශ වෙළඳාම වඩාත් ඉහළ ගුණත්වයෙන් යුතුව පවත්වාගෙන යාමෙන් ලෝකය වෙනුවෙන් වඩාත් පුළුල් වාණිජ හා වෙළඳ අවස්ථා නිර්මාණය කර තිබේ. චීනය විවිධ රටවලට අඩු මිලැති ඉහළ ගුණයෙන් යුත් වෙළඳ භාණ්ඩ සපයන අතර එම රටවල නිෂ්පාදන සඳහා දැවැන්ත පාරිභෝගික වෙළඳපොලක් ද ගොඩ නගා ඇත.මේ වසරේ මුල් භාගයේ චීනයේ භාණ්ඩ ආනයනය 2023 වසරේ සමාන කාලයට ‍සාපේක්ෂ ව 5.2%කින් වර්ධනය වී ඇතැයි දත්තවල සඳහන් වේ. චීන රජය අලුතින් පනවා ඇති වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් විවිධ රටවල නිෂ්පාදන චීන වෙළඳපොලට පිවිසීම වඩාත් පහසු වී තිබේ.

විදේශ වෙළඳාම රටක ආර්ථක ජවය විනිශ්චය කිරීමේ මිනුමකි. මේ වසරේ මුල් භාගයේ චීන විදේශ වෙළඳාම ලබාගත් ජයග්‍රහණය චීන ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ප්‍රකෘතිමත් වීම තහවුරු කරනු ඇතැයි විශ්වාස කෙරේ. එම ජයග්‍රහණය ලෝක ආර්ථික ප්‍රකෘතියට නව ජවයක් ද එක් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම