ඇමරිකාව ඊනියා "ටිබෙට්-චීන ආරවුල් විසඳීම ප්‍රවර්ධනය කිරීමේ පනත" අත්සන් කිරීමට එරෙහිව චීනයේ දැඩි විරෝධය
2024-07-13 19:04:17
Share with:

ඇමරිකාව ඊනියා "ටිබෙට්-චීන ආරවුල් විසඳීම ප්‍රවර්ධනය කිරීමේ පනත" අත්සන් කිරීම කෙරෙහි, චීනය දැඩි විරෝධය පළ කරයි. මෙම පියවර සම්බන්ධයෙන් ඇමරිකාවට එරෙහිව දැඩි චෝදනා එල්ල කරන බව චීන විදේශ අමාත්‍යංශය කියා සිටී. 

ඇමරිකානු ජනාධිපති Joe Biden ඊයේ(12) ඊනියා "ටිබෙට්-චීන ආරවුල් විසඳීම ප්‍රවර්ධනය කිරීමේ පනත" නීතියක් බවට අත්සන් කළේ ය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දුන්නේ, ඊනියා "ටිබෙට්-චීන ආරවුල් විසඳීම ප්‍රවර්ධනය කිරීමේ පනත" ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝනය කිරීමක් වන අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමකි. එසේම මෙය චීනයේ යහපතට දැඩි ලෙස හානි කරන අතර, "ටිබෙට් බෙදුම්වාදී බලවේග" වෙත බරපතල වැරදි සංඥාවක් නිකුත් කිරීමක් බව, චීන විදේශ අමාත්‍යංශය පැවසීය.

ටිබෙටය අතීතයේ සිටම චීන දේශ භූමියේ කොටසකි. ටිබෙට් කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, බාහිර මැදිහත්වීම්වලට ඉඩක් නොමැත. චීන-ටිබෙට් අයිතිය කඩාකප්පල් කරමින්, චීනය පාලනය කිරීමට සහ මර්දනය කිරීමට කව්රුන් හෝ කිසියම් බලවේගයක් හෝ ගන්නා ඕනෑම උත්සාහයක් කිසිදා සාර්ථක නොවනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ ය.

ටිබෙටය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමට, "ටිබෙට් බෙදුම්වාදී බලවේගයට" සහය නොදැක්වීමට මෙන්ම, ඉහත සඳහන් පනත ක්‍රියාත්මක නොකිරීමට ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

මේ අතර එම පනත පිළිබඳව චීන ජාතික මහජන කොංග්‍රසය දැඩි විරෝධය සහ හෙලාදැකීම පළ කළේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම