මධ්‍යම නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් මරුට
2024-07-13 17:35:43
Share with:

ඊයේ(12) නයිජීරියාවේ උතුරුමැද ප්ලේටෝ ප්‍රාන්තයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් තවත් 132 දෙනෙක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

සිසුන් විභාගයකට පෙනී සිටින අවස්ථාවක ප්‍රාථමික හා ද්විතීයික පුද්ගලික පාසලක් වන ශාන්ත ඇකඩමියේ ගොඩනැගිල්ල  මෙසේ  කඩා වැටීමකට ලක් ව ඇත.

සිකුරාදා සවස් වන විට මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.  සුන්බුන් අතර සිරව සිටි 154 දෙනෙක් සහ මියගිය පුද්ගලයන් 22ක් ඉවතට ගෙන තිබේ. තවත් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා‍ වේ.

නයිජීරියාවේ ගොඩනැගිලි කඩාවැටීමේ සිද්ධීන් බහුලව දක්නට ලැබෙන අතර, "විනාශකාරී සංවර්ධනය" සිතාගත නොහැකි තරම් වේදනාකාරී බව නයිජීරියානු ජනාධිපති Bola Tinubu මහතා පවසා ඇත.

ගොඩනැගිලි රෙගුලාසිවලට අනුකූල නොවීම සහ ඉදිකිරීම් සඳහා ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව එරට විශේෂඥයින්ගෙන් චෝදනා එල්ල වී තිබේ .

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම