වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත
2024-07-13 16:13:40
Share with:

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා  සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම වසරේ ඉකුත් මස 30 වනදා වන විට මාර්ග රිය අනතුරු 1103ක් වාර්තා වී ඇත. එම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 1154ක් වාර්තා විය. එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් ප්‍රවාහන  අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසද (Road Safety Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමට ද කටයුතු කර ඇති අතර විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් පද්ධතියට එය ඇතුළත් කිරීමට ද කටයුතු කෙරෙන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම