චීන- සොලමන් දූපත් අගමැතිවරුන් අතර හමුවක්
2024-07-12 14:33:50
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, සොලමන් දූපත් අග්‍රාමාත්‍ය Jeremiah Manele මහතා සමග සාකච්ඡා පවත්වයි. එම හමුව බෙයිජිං අගනුවරදී ඊයේ (10) පැවැත්විණ.

වසර පහකට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භයේ සිට දෙරට ශක්තිමත් සංවර්ධනයක් පවත්වාගෙන යන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා සඳහා මනා ආදර්ශයක් ලබා දී ඇති බවත් චීන අගමැතිවරයා එහිදී පැවසීය.

නවයුගයේ දී අන්‍යෝන්‍ය ගෞරවය සහතික කරමින් පොදු සංවර්ධනය හා උපායමාර්ගික හවුල්කාරිත්වයේ අරුත තවදුරටත් තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවයි. එසේම, සොලමන් දූපත් ජනතාවට ඔවුන්ගේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරාගැනීම සඳහා චීනය සහයෝගය දක්වන බවත් Li Qiang මහතා පැවසීය. සොලමන් දූපත් වෙතින් ගුණාත්මක කෘෂිකාර්මික සහ ආහාර නිෂ්පාදන ආනයනයට මෙන්ම එරට ආයෝජනය සඳහා චීන ව්‍යවසායන් දිරිමත් කිරීමට ද පියවර ගැනේ.

එසේම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, සංස්කෘතික සහ තරුණ යන ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ද  Li Qiang මහතා වැඩිදුරටත් කියාසිටියේය.

තම රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබාදෙන දැවැන්ත සහයෝගය වෙනුවෙන් සොලමන් දූපත් අග්‍රාමාත්‍ය Jeremiah Manele මහතා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

තම රට එකම  චීනය මූලධර්මය තරයේ අනුගමනය කරන බවත්, පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්මට සහය දක්වන බවත් ඔහු කියාසිටියේය. එසේම චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සහ ගෝලීය මුලපිරුම් සඳහා සහාය දෙන බව ද Manele මහතා පැවසීය. චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා පුළුල් කිරීම සොලමන් දූපත් රාජ්‍යයේ අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කළේය.

සාකච්ඡාවලින් අනතුරුව, ආර්ථිකය සහ වෙළඳාම, අධ්‍යාපනය, ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට අගමැතිවරුන් දෙපළ හමුවේ අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම