සාමකාමී න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන ප්‍රහාරවලට චීනයේ විරෝධය
2024-07-12 10:18:12
Share with:

න්‍යෂ්ටික විදුලි බලාගාර සහ සාමකාමී න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන ප්‍රහාරවලට චීනයේ විරෝධය පළ වේ. 

එක්සත් ජාතීන්ගේ78 වැනි මහ සම්මේලනය “Zaporizhzia න්‍යෂ්ටික විදුලි බලාගාරය ඇතුළු යුක්රේනයේ න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂාව” පිළිබඳ යෝජනාවට අදාළව ඊයේ (11) ඡන්ද විමසීමක් පැවැත්වීය. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකාව සහ යුක්රේනය විසිනි. යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවලින් රුසියාව ඉවත් විය යුතු බවත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නිලධාරීන්ට යුක්රේන න්‍යෂ්ටික බලාගාරවලට ඇතුළු වීමට අවසර දිය යුතු බවත් එම යෝජනාවේ සඳහන් විය. 

මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 99 ක් සහ විපක්ෂව ඡන්ද 9 ක් ලැබුණු අතර එය සම්මත වී තිබේ. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 60 කි. බ්‍රසීලය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාව ද ඊට ඇතුළත් ය. රුසියාව හා කියුබාව යන රටවල් විපක්ෂව ඡන්දය ලබා දී තිබිණ. 

ඡන්ද විමසීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊට අදාළව කරුණු විග්‍රහ කළේය. යුක්රේන අර්බුදය හා සම්බන්ධ දෙපාර්ශ්වයට සෘජු සංවාද පැවැත්වීම සඳහා ජගත් ප්‍රජාව සහයෝගය ලබා දිය යුතු බව හෙතෙම පෙන්වාදෙයි. සංවාද සඳහා පෙළඹවීම, දේශපාලනමය මාර්ගයකින් ගැටලු විසඳා ගැනීමේ හදිසි අවශ්‍යතාව, යුරෝපා ආරක්ෂක අර්බුද පිටුදැකීම සහ සමබර, ප්‍රායෝගික මෙන්ම තිරසර ආරක්ෂක රාමුවක් ගොඩනැගීම යන කරුණු කිසිවක් කෙරෙහි අදාළ යෝජනා කෙටුම්පත අවධානය යොමු කර නැත. එය චීනයේ ස්ථාවරය හා යෝජනා සමග නොගැලපීම නිසා ඡන්දය දීමෙන් වැළකී සිටි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිතයා කියාසිටියේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම