ළමා ආරක්ෂාවට “1929” අංකය පැය 24ම විවෘතයි
2024-07-12 17:34:22
Share with:

ළමා ආරක්ෂාව පිළිබඳව ඕනෑම පැමිණිල්ලක් යොමු කළ හැකි 1929 දුරකතන සේවාව සඳහා දින 365ම පැය 24 පුරා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියා සිටී.

විශේෂයෙන්ම ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි රැසක් මේ දුරකතන සේවය හරහා අධිකාරිය වෙත යොමු වී ඇති අතර, ලැබෙන සියලු දුරකතන ඇමතුම්හි රහස්‍යභාවය සුරකිමින් ඊට අදාළ පියවර හා ළමා අපයෝජනවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ දුරකතන සේවාව මහත් පහසුවක් වී තිබෙන බව එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

මෙම දුරකතන සේවාව වෙත සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ පැමිණිලි යොමු කළ හැකි අතර, යම් අපයෝජනයකට ලක් වූ දරුවකුට පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ට, භාරකරුවන්ට හා ඕනෑම ආයතනයකට හෝ සංවිධානයකටද එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

1929 දුරකතන සේවාව වෙත ගන්නා සියලු ඇමතුම් ගාස්තුවලින් නිදහස් කර ඇති අතර, ළමා අපයෝජන සිද්ධිවලට අදාළ පැමිණිලිවලට අමතරව ළමයින් සම්බන්ධ උපදෙස් හා මනෝ උපදේශන සේවා සැලසීමටද මෙම දුරකතන සේවය හරහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම