ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය වෙනුවෙන් චීන- නෙදර්ලන්ත සබඳතා ප්‍රවර්ධනයට චීනයෙන් සහාය
2024-07-12 11:12:43
Share with:

ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා නෙදර්ලන්තය සමග සහයෝගයෙන් ක‍ටයුතු කිරීම‍ට චීනය බලාපොරොත්තු වේ. නෙදර්ලන්තයේ නව විදේශ අමාත්‍ය Caspar Veldkamp මහතා සමග දුරකථන සංවාදයක් සිදු කරමින් චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(11)  මේ බව ප්‍රකාශ කර ඇත.

දෙරට නායකයින්ගේ මගපෙන්වීම සහ දෙපාර්ශ්වය අතර පවතින පොදු උත්සාහය අගය කළ යුතු අතර, එරට නව රජය සමග සමීපව කටයුතු කරමින් අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා සර්වකාලීන සංවාදයක් පැවැත්වීමට ද සූදානම් බව හෙතෙම එහිදී සඳහන් කර ඇත.

පසුගියදා වොෂින්ටනයේ පැවති නේටෝ සංවිධාන සමුළුවේදී චීනයට එරෙහිව සිදු කළ පදනම් විරහිත චෝදනා චීනය කිසිසේත්ම පිළිනොගන්නා බව ද Wang Yi මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. චීනය නේටෝ සාමාජික රටවලට වඩා වෙනස් දේශපාලන සංකල්පයකින් කටයුතු කරන අතර එය නේටෝ සංවිධානය චීනය සමග ගැටුමක් ඇති කර ගැනීමට හේතුවක් කර නොගත යුතු බව ද විදේශ අමාත්‍යවරයා  එහිදී අවධාරණය කර ඇත.

නේටෝව සිය සීමාව හඳුනාගත යුතු අතර, ආසියා-පැසිෆික් කලාපයේ හෝ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් සහ චීනයේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වල‍ට අභියෝග කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර එහිදී Caspar Veldkamp මහතා චීනය වැදගත් ගෝලීය බලවතෙකු වන බවත්, දෙපාර්ශ්වයම ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගැටළු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාවයක නිරත විය යුතු බවත් සඳහන් කර ඇත. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, නෙදර්ලන්තය චීනයෙන් වෙන් වීම සඳහා කිසිදු සහයක් නොදක්වන අතර දෙරට සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙහිදී දෙපාර්ශ්වය පොදුවේ අවධානයට ලක්විය යුතු ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම