රුපියල් කෝටි 527ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලමේ දෙවැනි අදියර ජනතා අයිතියට
2024-07-12 17:35:30
Share with:

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 5278ක වියදමින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ඊයේ(11) ජනතා අයිතියට පත් කෙරිණ.

දෛනික දුම්රිය ගමන්වාර 109ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මෙය ඉදිකර තිබේ.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණ.

ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම