2024 ලෝක ජනගහන අපේක්ෂාවන් පිළිබඳ වාර්තාව ඉදිරිපත් කෙරේ
2024-07-12 09:41:09
Share with:

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව ඊයේ (11) “2024 ලෝක ජනගහන අපේක්ෂාවන්: ප්‍රතිඵලවල සාරාංශය” යන වාර්තාව නිකුත් කළේය.

2080 වසර වන විට ගෝලීය ජනගහනය ආසන්න වශයෙන් බිලියන 10.3 ක උපරිමයකට ළඟා වනු ඇතැයි එම වාර්තාව පුරෝකථනය කරයි. ඉන් පසුව ජනගහනය ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බවත්, 21 වන සියවස අවසන් වීමට පෙර එය බිලියන 10.2 දක්වා පහත වැටෙන බව ද පෙන්වා දෙයි. එමෙන්ම වර්ෂ 2100 සඳහා වන ජනගහන පුරෝකථනය වසර 10කට පෙර පුරෝකථනය කළ දත්තවලට වඩා 6% කින් අඩු ය.

මෙම වාර්තාවට අනුව, ලෝකයේ රටවල් සහ කලාප 63 ක ජනගහනය එහි උපරිමයට පැමිණ ඇති අතර එය ලෝක ජනගහනයෙන් 28% කි. 2054 වන විට ගෝලීය සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 77.4 දක්වා ළඟා විය හැකි බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම