චීන ජනාධිපති ආර්යාව සහ එක්සත් ජාතීන්ගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අතර හමුවක්
2024-07-12 14:10:30
Share with:

ක්ෂය රෝගය සහ HIV ඒඩ්ස් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිත්‍ර තානාපති, චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Winnie Byanyima මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් Jérôme Salomon මහතා හමුවෙයි. එම හමුව ඊයේ (11) පස්වරුවේ බෙයිජිංහිදී පැවැත්විණ.

ක්ෂය රෝගය සහ HIV ඒඩ්ස් රෝග වසංගතය අවසන් කිරීම, මානව සෞඛ්‍යය සුරක්ෂිතභාවය සඳහා ඉතා වැදගත් වන බව Peng Liyuan මහත්මිය එම අවස්ථාවේදී පැවසුවාය. ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ ක්ෂේත්‍ර තුළ ක්‍රියාකාරී හා ඵලදායි කටයුතු රාශියක් සිදු කර ඇති බව ද ඇයගේ පැසසුමට ලක් විය.  ක්ෂය රෝගය සහ ඒඩ්ස් වැළැක්වීමේදී චීනයේ භාවිතයන් සහ අත්දැකීම් පැහැදිලි කළ Peng Liyuan මහත්මිය, මිත්‍ර තානාපතිවරියක ලෙස සිය වගකීම් අඛණ්ඩව ඉටු කරමින් ලෝක ඒඩ්ස් සහ ක්ෂය රෝගය වැළැක්වීම සඳහා වඩා වැඩි දායකත්වයක් ලබා දීමට සූදානම් බව ද සඳහන් කර ඇත.

ක්ෂය රෝගය සහ ඒඩ්ස් රෝගය පාලනයට මෙන්ම සෞඛ්‍ය සේවා සංවර්ධනයේදී චීන රජය සහ ජනතාව අත්කර ගත් ධනාත්මක ජයග්‍රහණ Winnie Byanyima මහත්මිය සහ Jérôme Salomon මහතා එම අවස්ථාවේදී අගය කළහ. එමෙන්ම තානාපතිවරියක ලෙස  Peng Liyuan මහත්මිය ලබා දුන් දායකත්වය පිළිබඳව ද ඔවුහු සිය ප්‍රශංසාව පළ කළහ. අදාළ ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම