චීන ජනපති සොලමන් දූපත් අගමැතිවරයා හමුවෙයි
2024-07-12 19:04:41
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(12) පස්වරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී, සොලමන් දූපත් අගමැති Jeremiah Manele මහතා හමු විය. චීනයේ නිල සංචාරයක් සඳහා Manele මහතා බෙයිජිං නගරයට පැමිණ තිබේ.

සොලමන් දූපත් ස්වකීය ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරා ගැනීමට චීනය සහාය දක්වන බව, ෂී ජින් පිං මහතා පැවසීය. සොලමන් දූපත් සමඟ, උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමට මෙන්ම, නව යුගයේ පොදු ඉරණමක් සහිත  චීන-සොලමන් දූපත් හවුල ගොඩනැගීමට එක්ව කටයුතු කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටී. සොලමන් දූපත් සංවර්ධනය කරා ගෙන යාම සඳහා උපකාර කිරීමට චීන සහාය පළ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පැසිෆික් දූපත් සංසදය වැනි බහුපාර්ශ්වික ආයතනවල සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු යහපත ආරක්ෂා කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

එකම චීනය යන මූලධර්මය සොලමන් දූපත් තදින්ම පිළිපදින බව, Jeremiah Manele මහතා පැවසීය. ඕනෑම ආකාරයක "තායිවාන බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට" සොලමන් දූපත් දැඩි ලෙස විරුද්ධ වන අතර, ජාතික එක්වීම සඳහා චීන රජය විසින් ගන්නා ලද සියලුම ප්‍රයත්නයන්ට දැඩි ලෙස සහාය දක්වයි. සොලමන් දූපත්-චීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට මෙන්ම, පොදු සොලමන් දූපත්-චීන ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ද, කැමැත්තෙන් සිටින බව, Manele මහතා සඳහන් කළේ ය.

දෙපාර්ශවය විසින් "චීන මහජන සමූහාණ්ඩුවේ සහ සොලමන් දූපත් ඒකාබද්ධ ප්‍රකාශය" නිකුත් කරන ලදී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම