රටේ ගොඩනැ‍ඟෙන ආර්ථිකය ඉදිරියට රැගෙන යා යුතු බව ජනපති පවසයි
2024-07-12 17:33:08
Share with:

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබූ ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳදැමීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කුරුඳු ව්‍යවසායකයන් වෙත තත්ත්ව සහතිකපත් ප්‍රදානය, කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත්පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණේ වසර 200කට පසුව බවත්, අතීතයේ දී ලෝකයට ගුණාත්මක කුරුඳු ලබා දුන් ශ්‍රී ලංකාව නැවත ඊට යොමු වී රට තුළ කුරුඳු වගාව දියුණු කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම