11 වැනි බෙයිජිං Xiangshan සංසදය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වේ
2024-07-12 16:41:16
Share with:

11 වැනි බෙයිජිං Xiangshan සංසදය ලබන සැප්තැම්බර් මාසයේ 12වැනිදා සිට 14වැනිදා දක්වා චීනයේ බෙයිජංහි දී පැවැත්වීමට නියමිතයි. චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් Zhang Xiaogang, අද(12) මේ බව ප්‍රකාශ කළේ ය. මෙවර සංසදයේ තේමාව වන්නේ "එක්ව සාමය ගොඩනැගීම සහ අනාගතය බෙදාගැනීම"  යන්නයි.  

මේ වන විට, රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 100 කට වැඩි ගණනක නිල නියෝජිතයින් මෙන්ම, අදාළ දෙස් විදෙස් සුප්‍රසිද්ධ විශේෂඥයින් සහ විද්වතුන් වෙත, චීනය ආරාධනය කර ඇත. සංසදයේ සංවිධාන කටයුතු ක්‍රමවත්ව සිදුවෙමින් පවතී. ඒ ඒ රටවල නියෝජිතයින් මෙම සංසදයට එක් වීමට මෙන්ම, දෙස් විදෙස් මාධ්‍යවේදීන් සම්මුඛ සාකච්ඡා සහ වාර්තා සඳහා එක් වීම චීනය සාදරයෙන් පිළිගන්නා බව, කර්නල් Zhang Xiaogang සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම