චීන ජනපති හා වනවාටු ජනරජයේ අගමැති අතර හමුවක්
2024-07-12 19:22:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා චීනයේ නිල සංචාරයක නිරත වනවාටු ජනරජයේ අග්‍රාමාත්‍ය Charlot Salwai මහතා අතර හමුවක් අද(12) බෙයිජිංහිදී පැවැත්විණ.

චීන වනවාටු සබඳතා වර්ධනය වෙනුවෙන් Charlot Salwai මහතා දිගුකාලීනව දරා ඇති දායකත්වය පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රශංසා පළ කළේය. දෙරට ගෙවී ගිය වසර 42ක කාලය තුළ මිත්‍රශීලි සබඳතා පැවැත්වීමෙන් එහි කේන්ද්‍රීය ප්‍රතිලාභ දෙපාර්ශ්වයට හිමිව ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය. වනවාටු ජනරජය සමග උසස් මට්ටමේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාස වැඩිදියුණු කරමින් අධික ගුණාත්මක භාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීමට මෙන්ම නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන වනවාටු හවුලක් ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටී. වනවාටු ජනරජය සමග රාජ්‍ය පරිපාලන අත්දැකීම් හුවමාරු කිරීම හා චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණ සංවර්ධන අවස්ථා බෙදා ගැනීම සිදු කරමින් යටිතල පහසුකම්, ආර්ථික, වෙළඳ, ආයෝජන හා දේශගුණ විපර්යාසය ඇතුළු ක්ෂේත්‍රවල ප්‍රායෝගිකා සහයෝගිතා ගැඹුරු කිරීමට ද චීනය අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා එහිදී කීය.

ශාන්තිකර සාගරයේ දූපත් රටවල කලාපයේ සාමකාමී සහජීවනය හා පොදු සංවර්ධනය ප්‍රවර්ධනයට හා ඊට කැපවීමට චීනය සූදානම් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ශාන්තිකර සාගරයේ දූපත් රටවල් සමග සබඳතාව අගය කරමින් එම දූපත් රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය හා ජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් චීනය හැකි තරම් සහය ලබා දීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනය විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීම, රට ස්ථීර ලෙස එකමුතුවෙන් පැවතීම, චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ඔස්සේ ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වනවාටු ජනරජයේ අග්‍රාමාත්‍ය Charlot Salwai මහතා එහිදී ඉහළ ප්‍රශංසා පළ කළේය. ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් තුනක් හා පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව ගොඩනැගීම, ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීමට මෙන්ම පොදු සංවර්ධණය ප්‍රවර්ධනය කිරීමට ඉතා වැදගත් වන බව Charlot Salwai මහතා පැවසීය. එකම චීනය ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන වනවාටු ජනරජය ඕනෑම ආකාරයක බෙදුම්වාදී තායිවාන සංකල්පයට විරුද්ධ වේ. ටිබෙටය, ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය, මානව හිමිකම, දකුණු චීන මුහුද ඇතුළු ප්‍රශ්න  පිළිබඳ චීනයේ ස්ථාවරයට වනවාටු ජනරජය අනුබල දෙයි. චීනය සමග සංවර්ධන උපායමාර්ග ගැලපීම ශක්තිමත් කරමින් යටිතල පහසුකම්, ආර්ථික හා වෙළඳ ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට වනවාටු ජනරජය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

චීන මහජන සමූහාණ්ඩුව හා වනවාටු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කරමින් දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව වැඩිදියුණු කිරීමට හා නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන වනවාටු හවුල ගොඩනැගීමට දෙපාර්ශ්වය එකඟ විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම