Xianbin Jiao ගල්පරයේ අනවසරයෙන් ස්ථානගත කළ නෞකා හා පුද්ගලයන් වහාම ඉවත් කරන ලෙසට චීනය පිලිපීනයෙන් ඉල්ලයි
2024-07-12 18:55:37
Share with:

Xianbin Jiao ගල්පරයේ අනවසරයෙන් ස්ථානගත කළ නෞකා හා පුද්ගලයන් වහාම ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක චාං ශියාඕ ගං මහතා අද (12) දකුණු චීන මුහුදේ පවතින තත්ත්වයන් පිළිබඳව අදහස් දැක්විය.

මෑතකදී පිලිපීනය Xianbin Jiao ගල්පරයේ අනවසරයෙන් ස්ථානගත කර ඇති නෞකා හා පුද්ගලයන් මාරු කිරීමේදී චීන වෙරළ ආරක්ෂක යාත්‍රා ඊට සමීපව අධීක්ෂණ පියවර සිදු කර තිබේ. පසුව පිලිපීන පාර්ශ්වය කියා සිටියේ ඔවුන්ට අයත් සුවිශේෂ ආර්ථික කලාපය තුළ ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවයි.

Xianbin Jiao ගල්පරය ඇතුළු Nansha දූපත් සමූහය සම්බන්ධයෙන් චීනයට අවිවාදිත අයිතියක් ඇතැයි චාං ශියාඕ ගං මහතා ප්‍රකාශ කළේ ය. පිලිපීනය චීනයේ එම දූපත් පිළිබඳ ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් දකුණු චීන මුහුදේ නොසන්සුන්කාරීත්වයක් ඇති කර තිබේ. Xianbin Jiao ගල්පරයේ අනවසරයෙන් ස්ථානගත කළ නෞකා හා පුද්ගලයන් වහාම ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම