චීන වෙරළාරක්ෂක බලකාය නීතිවිරෝධී ජපන් යාත්‍රා පලවා හරී
2024-07-12 11:05:11
Share with:

චීනයේ මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ ජපන් යාත්‍රා පලවා හැරීමට චීන වෙරළාරක්ෂක බලකාය පියවර ගනී.

 "Sanka Maru" නමැති ජපාන ධීවර යාත්‍රාව සහ එරට මුර සංචාර නෞකා කිහිපයක් ඊයේ (10) Diaoyu දූපත් ආශ්‍රිත චීන මුහුදු සීමාවට නීතිවිරෝධීව ඇතුළු ඇතුළු වූ බව චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා පැවසීය.  

Diaoyu දූපත් සහ ඒවාට අනුබද්ධ දූපත් සහිත කලාපය චීනයට අයත් භූමියකි.  චීන වෙරළාරක්ෂක නීතියට අනුකූලව, ජාතික අධිකරණ බලය යටතේ රට සතු සාගර කලාපයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමට  චීන වෙරළාරක්ෂක බලකාය පියවර ගනු ඇත. එහෙයින් අදාළ මුහුදු ප්‍රදේශයේ සිදුවන සියලු නීතිවිරෝධී ක්‍රියා වහාම නවත්වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී. එසේ නොවන්නේ නම්,  ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම රටට සියලු හිමිකම් ඇති බව ද චීනය දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම