ඇමරිකානු යෞවන කණ්ඩායමක් චීන මාධ්‍ය සමූහයට අයත් ශැංහයි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය නරඹති
2024-07-12 11:25:39
Share with:

සංස්කෘතික හුවමාරු පිළිබඳ ඇමරිකානු යෞවන කණ්ඩායමක් චීන මාධ්‍ය සමූහයට අයත් ශැංහයි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය නැරඹීමට එක්වෙති.

මෙය, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ‘ඉදිරි වසර 5 තුළ ඇමරිකානු යොවුන් ප්‍රජාව පනස්දහසක පිරිසකට චීනය සමග අදහස් හුවමාරු වැඩසටහන් සඳහා ඇරයුම් කිරීම’ යන යෝජනාව අනුව ක්‍රියාවට නැංවෙන වැඩසටහනකි. චීන ජනාධිපතිවරුන්ගේ ඇමරිකානු නිල චාරිකා හා සම්බන්ධ අවස්ථාවන්ට සහභාගි වූ සිසුන් මෙන්ම, චීන ජනාධිපතිවරුන්ගේ ලිපි හා සුබ පැතුම්පත් ලද ලින්කන් උසස් පාසල ඇතුළු එරට විවිධ ප්‍රාන්තවල පාසල් නියෝජනය කරන සිසුහු මෙම කණ්ඩායමට එක් ව සිටිති.

චීන මාධ්‍ය සමූහයේ ශැංහයි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයට පැමිණි ඔවුහු "බෙයිජිං සිට පැරිස් දක්වා - චීන කලාකරුවන්ගේ ඔලිම්පික් චාරිකාව" නමැති කලා ප්‍රදර්ශනය නැරඹූහ. අනතුරුව ඉහළ ප්‍රේක්ෂක පැසසුම් ලද චීන කාටුන් චිත්‍රපටයක් නැරඹූ මෙම පිරිස අධිපැහැදිලි 8K තිරයක් සහිත මැදිරියේ චාරිකාවකට ද එක්වූහ. එම අධිතාක්ෂණික පහසුකම් ඔවුන්ගේ ඉහළ ආකර්ෂණයට ලක්වීම විශේෂත්වයකි.

එසේම, මෙම යෞවන කණ්ඩායම ශැංහයි නගරයේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක් නැරඹීමට ද එක්වනු ඇත.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම