චීන-නේපාල වෙළඳ සබඳතාවයෙන් නේපාල ආර්ථිකයේ වර්ධනයක්
2024-07-11 17:29:03
Share with:

චීනය සමඟ නේපාලයේ වෙළඳාම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නේපාල මහ බැංකුව ඊයේ(10) නිවේදනය කළේය. නේපාලයේ සමස්ත විදේශ වෙළඳාම පසුගිය කාල සීමාව තුළ පහත වැටුණද, වත්මන් මූල්‍ය වර්ෂයේ පසුගිය මාස 11 තුළ මෙම වර්ධනය අත් කර ගෙන ඇත.

නේපාල රාස්ත්‍රා බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව චීනය වෙත සිදු කරන ලද අපනයනය 57.7% කින් එනම් නේපාල රුපියල් බිලියන 2.4ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 18) දක්වා ඉහළ ගොස් තිබේ. ආනයනය රුපියල් බිලියන 272.81 (ඩොලර් බිලියන 2.04) දක්වා 34.8% කින් වර්ධනය විය.

ජූලි මැදින් අවසන් වූ 2023-24 අවසාන මාස 11 තුළ නේපාලය ඉන්දියාවෙන් සිදු කළ අපනයන හා ආනයන පිළිවෙලින් සියයට 4.5කින් සහ සියයට 3.1කින් පහත වැටී ඇත.

නේපාලයේ වෙළඳ හිඟය රුපියල් බිලියන 1,314.44 (ඩොලර් බිලියන 9.8) ලෙස ඉහළ මට්ටමක පැවතුනද, එය වසරින් වසර සියයට 1.7 ක අඩුවීමක් සනිටුහන් කළ බව මහ බැංකුව පවසයි.

එසේම, 2023-24 පසුගිය මාස 11 තුළ නේපාලයට ප්‍රේෂණ ගලා ඒම සියයට 19.3 කින් එනම් නේපාල රුපියල් බිලියන 1,327.51 (ඩොලර් බිලියන 9.9) දක්වා ඉහළ ගොස් ඇති බව එරට මහ බැංකුව වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම