රුසියා-යුක්රේන අර්බුදයේ මහ මොළකරුවන් කවුරුන්දැයි ජගත් ප්‍රජාවට මනා අවබෝධයක් ඇත
2024-07-11 20:57:11
Share with:

නේටෝ සංවිධානයේ වෝෂිංටන් නායක සමුළුව ඊයේ (10) ප්‍රකාශනයක් නිකුත් කරමින් චීනයට එරෙහිව අදහස් පළ කර ඇත. රුසියා-යුක්රේන ගැටුමට තීරණාත්මක සාධකයක් වන්නේ චීනය යැයි එම ප්‍රකාශනයේ සඳහන් වේ. චීනය සිය සංවිධානයේ යහපත හා ආරක්ෂාවට අභියෝගයක් වී ඇතැයි ද නේටෝ සංවිධානය එම ප්‍රකාශනය මගින් පෙන්වා දී තිබේ.

රුසියා-යු‍ක්රේන ගැටුම හටගෙන මේ වන විට වසර 2ක් ගත වී ඇත. මෙම ගැටුමට හේතු වී ඇත්තේ නේටෝ බලපෑම් නොනවත්වා නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමෙන් රුසියාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබීම ය. සිසිල් යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකාවේ ප්‍රමුඛත්වයෙන් නේටෝ බලපෑම් එසේ ව්‍යාප්ත වූ බව නොරහසකි.රුසියා-යුක්රේන ගැටුම උද්ගත වීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්රේනයට අඛණ්ඩව අවි සපයන අතර රුසියාවට විවිධාකාර සම්බාධක පනවා තිබේ. ඉදිරි මාස කිහිපයේ යුක්රේනයට තවත් අවි ආධාර ලබා දෙනු ඇතැයි මෙවර නේටෝ සංවිධානයේ වෝෂිංටන් නායක සමුළුවේදී ප්‍රකාශ කෙරිණ.

රුසියා-යුක්රේන ගැටුමට තමන් වග කිව යුතු බව දැන දැන නේටෝ සංවිධානය චීනයට චෝදනා එල්ල කළේ සිය වැරැද්ද වසන් කර ගැනීමේ චේතනාවෙනි. විශේෂයෙන් චීනය හා රුසියාව අතර පවතින ආර්ථික හා වෙළඳ සහයෝගිතා පිළිබඳ අසත්‍ය කරුණු ගොතමින් නේටෝ සංවිධානය කියා සිටින්නේ චීනය රුසියාවට යුද ආධාර සපයා දී ඇති බවයි. එහෙත් මේ වන විට ඊට අදාළ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට එම සංවිධානයට හැකි වී නොමැත.

රුසියා-යුක්රේන අර්බුදය හමුවේ චීනය ක්‍රියා කළ ආකාරය ජගත් ප්‍රජාවට ඉතා පැහැදිලි ය. එම අර්බුදය සමනය කිරීම වෙනුවෙන් චීනය ක්‍රියාශීලිව කටයුතු කර ඇත. අර්බුදයට අදාළ කිසිදු පාර්ශ්වයකට චීනය මාරාන්තික අවි සපයා දී නැත. මෙම අර්බුදය තව තවත් උග්‍ර කරන්නේ කවුරුන් ද කියා ජගත් ප්‍රජාව මනා අවබෝධයකින් සිටින බව කිව යුතු නැත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම