ඇමරිකාව, ඊනියා "රුසියානු ආරක්ෂක කර්මාන්තයට චීනය සහාය දීම" යන අසත්‍ය තොරතුරු පැතිරීමට එරෙහිව චීනයේ දැඩි විරෝධය
2024-07-11 19:41:30
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීනය සම්බන්ධ ප්‍රකාශ සහ ඇමරිකානු ව්‍යාජ ප්‍රකාශ කෙරෙහි චීන විදේශ අමාත්‍යාංශය බලවත් අප්‍රසාදය සහ දැඩි විරෝධය පළ කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ඊයේ(11) නේටෝ සමුළුවේ මහජන සංසදයේ දී පෙන්වා දුන්නේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ, රුසියානු ආයුධ සහ උපකරණවල විශාල වර්ධනයක් තමන් දුටු බවයි. රුසියාවේ ආරක්ෂක කර්මාන්තයේ ශක්තිමත් පදනමට හේතුව චීනයේ නිෂ්පාදන දායකත්වය බව ඔහු පැවසීය. සීතල යුද්ධය අවසානයේ යුරෝපීය ආරක්ෂාවට ඇති බරපතලම තර්ජනයට තුඩු දෙන අතර, සාමය වෙනුවෙන් කටයුතු කරමින් යුරෝපය සමඟ වඩා හොඳ සබඳතා පැවැත්වීමට චීනයට නොහැකි බව ඔහු සඳහන් කළේ ය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා සඳහන් කළේ, චීනය රුසියාවට හමුදා සහාය ලබා දෙන බවට ඇමරිකාව කටකතා පතුරුවා හරින නමුත් තවමත් කිසිදු වැදගත් සාක්ෂියක් ලබා දී නොමැති බවයි.  රුසියාවේ ආනයනික ආයුධ බොහොමයක් එක්සත් ජනපදයේ සහ අනෙකුත් බටහිර රටවල සමාගම් වලින් ලබා ගන්නා බව දත්තවලින් පෙන්නුම් ‍කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් රුසියාවට සම්බාධක පැනවීමට හෝ රුසියාව සමඟ වෙළඳාමට බාධා කිරීමට සහභාගී වී නොමැත. ඇමරිකාවට සාවද්‍ය මත පදනම් කරගනිමින් චීනයට දොස් පැවරිය නොහැක. රුසියාව සහ යුක්රේන ගැටුමේ දී චීනය කිසිදු පාර්ශ්වයකට ආයුධ සපයා නොමැති බවත්, මෙම ස්ථාවරය වෙනස් නොවන බවත්, Lin Jian මහතා නැවතත් අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම