දකුණු ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය රටවල් රැසක් තරයේ හෙළාදකී
2024-07-11 09:25:09
Share with:

දකුණු ගාසා තීරයේ නගරයක් වන ඛාන් යුනිස් හි පාසලකට පසුගිය 9 වැනිදා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රටවල් රැසක් හෙළාදකී. පලස්තීන මාධ්‍ය වාර්තා කර තිබුණේ එහිදී අවම වශයෙන් 29 දෙනෙකු මියගොස් ඇති අතර,ඉන් බහුතරය කාන්තාවන් සහ ළමුන් වන බවයි.

මේ වනවිට ගාසා තීරයේ පාසල් පමණ ඉක්මවා පිරී ගොස් ඇති අතර, ඒවා මරණ හා දුක්වේදනා සහිත ස්ථාන බවට පත්ව ඇතැයි, මෑතපෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහනාධාර සහ වැඩ ඒජන්සියේ කොමසාරිස් ජනරාල් Philippe Lazzarini මහතා ඊයේ (10) සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දී ඇත.

ඛාන් යුනිස් පාසලට එල්ල වූ ගුවන් ප්‍රහාරය ඊශ්‍රායලය සිදුකළ තවත් යුද අපරාධයක් බව ජෝර්දාන විදේශ අමාත්‍ය Ayman Safadi මහතා පවසයි. ‍ඔහු මේ බව පැවසුවේ කයිරෝ නුවර ඊජිප්තු විදේශ අමාත්‍ය Badr Abdel Ati මහතා සමඟ ඊයේ (10) පැවති හමුවකදීය.

ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ යුද්ධයේදී පාසල් ඉලක්ක කර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවයි.

මේ අතර, ජර්මානු විදේශ අමාත්‍යාංශය ද ඊයේ (10) ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාවෙන් ඉල්ලා සිටියේ,  පාසල්වලට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙසයි. මේ පිළිබඳව කඩිනමින් විමර්ශනය කළ යුතු බව ද ජර්මනිය කියාසිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම