“Washington නායක සමුළුවේ ප්‍රකාශනය”ට‍ චීනයේ දැඩි විරෝධයක්
2024-07-11 19:28:31
Share with:

නේටෝ සංවිධානය ඊයේ(10) “Washington නායක සමුළුවේ ප්‍රකාශනය” නිකුත් කළේය. එම ප්‍රකාශනයට අනුව යුක්රේන සටන තුළ රුසියාවට තීරණාත්මක පක්ෂපාතී පාර්ශ්වය බවට චීනය පත්ව ඇති බව සඳහන් විය. ඉන් අසල්වැසි රටවල් හා යුරෝ-අත්ලාන්තික් කලාපයේ ආරක්ෂාවට රුසියාවෙන් එල්ල වන තර්ජනය උග්‍ර වන බවට එම ප්‍රකාශයෙන් චෝදනා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ “Washington නායක සමුළුවේ ප්‍රකාශනය” තුළ චීනය පිළිබඳ අන්තර්ගතයන්වල අපහාස හා පක්ෂපාතිත්වය පිරී ඇති බවයි. චීනය ඊට දැඩි අප්‍රසාද හා විරෝධය පළ කරයි.

නේටෝ සංවිධානය ප්‍රචාරය කරන ආකාරයට යුක්රේන ප්‍රශ්නය පිළිබඳව ඊනියා “චීනයේ වගකීම” සත්‍ය විරහිත කුමන්ත්‍රණයක් බව Lin Jian මහතා කීය. යුක්රේන ප්‍රශ්නය පිළිබඳව චීනය දරන විෂය මූලික මෙන්ම යුක්ති සහගත ස්ථාවරය හා ලබාදුන් දායකත්වය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්ව තිබේ. යුක්රේන අර්බුදය උග්‍ර කිරීමේ පාර්ශ්ව පිළිබඳ ජගත් ප්‍රජාවට පැහැදිලි අවබෝධයක් ඇති බව Lin Jian මහතා පෙන්වා දුන්නේය.

නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ චීනයේ තර්ජනයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් නේටෝ සංවිධානය හා ඉන්දීය-ශාන්තිකර කලාපයේ රටවල් අතර සබඳතා ශක්තිමත් කළ යුතු බවයි. නේටෝ සංවිධානය චීනයේ අසල්වැසි රටවල් හා ඇමරිකාවට හිතවාදී රටවල් සමග යුද ආරක්ෂක සම්බන්ධතා ශක්තිමත් කිරීමෙන් ආසියා ශාන්තිකර කලාපයේ සාමය හා ස්ථාවරත්වයට හානි සිදු වන බව ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් Lin Jian මහතා පැවසුවේ ය. ඉන් කලාපයේ රටවල අවිශ්වාසය හා විරෝධතා මතු වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම