චීන මාධ්‍ය සමූහයේ "2024 චීන AI උත්සවය " සම්මන්ත්‍රණය බෙයිජිං හිදී පැවැත්වේ
2024-07-11 20:24:57
Share with:

චීන මාධ්‍ය සමූහයේ "2024 චීන AI උත්සවය" සම්මන්ත්‍රණය අද(11) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී, චීන මාධ්‍ය සමූහය සිය සම්පත් සහ තාක්ෂණික වාසි මත පදනම්ව, "2024 චීන AI උත්සවය" නව්‍ය ලෙස නිර්මාණය කර ඇති බව, Shen Haixiong මහතා එහිදී සඳහන් කළේය. විශාල රටවල මිනිසුන්ගේ ජීවිතවලට සහ කර්මාන්ත නිෂ්පාදනයට ප්‍රතිලාභ ලබා දීමේදී, "ස්මාර්ට්" නිෂ්පාදනයේදී, AI තාක්ෂණයේ සැබෑ යෙදුමෙන් මෙය පැහැදිලිව පෙන්නුම් කරන බව, ඔහු පැවසීය.

කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කර ගනිමින් පළමු ජාතික මට්ටමේ විද්‍යා හා තාක්‍ෂණික ශ්‍රව්‍ය දෘශ්‍ය මංගල්‍යය ලෙස, "2024 චීන AI උත්සවය" පසුගිය 28වැනිදා, චීන මාධ්‍ය සමූහයේ CCTV රුපවාහිනී නාලිකාව, ජංගම සේවාදායක නාලිකාව සහ වෙබ් අඩවිය යන වේදිකාවන් හි විකාශන වීමෙන් පසු, එය එසැනින් වැඩි පිරිසකගේ විශාල අවධානයට ලක් විය.

මේ දක්වා, අදාළ මාතෘකාවල සම්පූර්ණ කියවීමේ පරිමාව මිලියන 300 කට ආසන්න වන අතර, මාධ්‍ය 200 කට වැඩි ප්‍රමාණයක් එය වාර්තා කර නැවත මුද්‍රණය කර තිබේ. CCTV යෙදුම් එකතුව මිලියන 50 කට වඩා නරඹා ඇති අතර, මුළු ජාලයේම වීඩියෝ මිලියන 150 කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම