ගාසා තීරය සාමකාමී වුවහොත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවට ප්‍රකාශයක්
2024-07-11 09:11:26
Share with:

ගාසා තීරයේ සටන් විරාමයක් වෙනුවෙන් එකඟතාවකට පැමිණියහොත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බව එහි නායක Hassan Nasrallah ඊයේ(10) ප්‍රකාශ කර ඇත. 

ගාසා තීරයේ යුද්ධය අවසන් වුවද ලෙබනනය සමග අඛණ්ඩව ගැටුම් පැවතිය හැකි බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පසුගිය දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව පැවසීය. 

එමෙන්ම ඊශ්‍රායලය සමග පවත්වන සාකච්ඡාවලදී හමාස් විසින් ගනු ලබන තීරණය කුමක් වුවත්, එය‍ට හිස්බුල්ලා සංවිධානය සහාය දක්වන බව ද ඔහු යළි අවධාරණය කර ඇත. ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා යළි ඇරඹීමට ඊජිප්තුව, ඇමරිකාව, කටාර් සහ ඊශ්‍රායලයේ නියෝජිතයින් ඊයේ(10) කටාර් හි අගනුවර දෝහාහි දී රැස් වෙමින් සිටින අතරතුර  Hassan Nasrallah මෙම ප්‍රකාශය සිදු කිරීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම