පිළිකා ප්‍රතිකාර සඳහා ගුණාත්මක විකිරණ චිකිත්සක උපකරණ මිලදී ගැනේ
2024-07-11 16:29:06
Share with:

ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඹ තිබේ.

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ නිර්දේශ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව මහනුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල වෙත පළමු අදියර යටතේ සපයා දී ඇති රේඛීය ත්වරණකාරක යන්ත්‍ර වැඩි දියුණු කිරීමට පියවර ගැනේ.

එහි දෙවන අදියර ලෙස රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 5 සඳහා නවීනතම වර්ගයේ විකිරණ චිකිත්සක උපකරණ ප්‍රමුඛතා පදනම මත 2024-2026 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සපයා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම