ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය සාධාරණ ලෙස හා සක්‍රියව ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-07-11 15:51:08
Share with:

ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සාධාරණ ලෙස සිදු කිරීමට සක්‍රියව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ ට්සොන්ග් මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ  පැවසුවේ ඊයේ(10) පැවති, අඛණ්ඩ සංවර්ධන ඉලක්කය ඉටු කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රැස්වීමකදීය. හරිත හා අඩු කාබන් සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කරමින් ගෝලීය බලශක්ති සහයෝගිතා පවත්වන ලෙස  ද ඔහු එහිදී ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

සංවර්ධිත රටවල් සිය පොරොන්දු ඉටු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම හා දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ උත්සාහයන් සඳහා පූර්ණ වශයෙන් අරමුදල්, තාක්ෂණික මෙන්ම ශිල්පීය සහාය ද ලබා දිය යුතු බව ඔහු කියා සිටියි.

ගෝලීය සංවර්ධන මුලපිරුම හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත අඩු කාබන් බලශක්ති සංවර්ධනයට විශාල සහයෝගයක් දක්වා ඇත. ඒ තුළින් ඉහළ ප්‍රමිතීන් සහිත, අඛණ්ඩව වර්ධන මෙන්ම, ජනතාවට වාසී සහගත බලශක්ති ව්‍යාපෘති රැසක සංවර්ධන කටයුතු අවසන් කර තිබේ. අදාළ රටවල විදුලි හිඟය, විදුලි බිල අධිකවීම ඇතුළු ප්‍රශ්න ඵලදායී ලෙස විසඳා තිබේ. ජෛව ශිෂ්ටාචාර සංකල්පයට අනුකූලව චීනය විවිධ රටවල බලශක්ති ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ වර්ධනයට සහාය දෙමින්, ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම හා හරිත අඩු කාබන් බලශක්ති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කිරීමට සූදානම් බව ද චීන නියෝජිතයා ප්‍රකාශ කර ඇත.

 


 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම