දකුණු චීන මුහුදේ ජෛව පරිසර විනාශය නවතා යුද නෞකාව ඉවත් කරගන්නැයි චීනය පිලිපීනයෙන් කරන ඉල්ලීම අතිශය යුක්තිසහගත ය
2024-07-11 10:03:24
Share with:

පිලිපීනය, දකුණු චීන මුහුදේ ජෛව පරිසරය විනාශ කරන බව චීනය පවසයි. එම මුහුදු කලාපය හා සම්බන්ධව චීන රජය විසින් නිකුත් කෙරුණු වාර්තා දෙකක මීට අදාළ කරුණු සඳහන් වේ. 

“චීනයේ Huangyan දූපත් මුහුදු ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සහ තක්සේරු වාර්තාව” සහ  “අනවසරයෙන් රැඳී සිටින යුද නෞකා රෙන් අයි ගල්පරයේ ජෛව පද්ධතියට හානි සිදු කිරීම පිළිබඳ විමර්ශන වාර්තාව” යනු එම වාර්තා දෙක යි. Huangyan දූපත් හා රෙන් අයි ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ජෛව පාරිසරික තත්ත්ව මෙහිදී පර්යේෂණයට ලක්ව ඇති අතර, එහි බොහෝ සංසන්දනාත්මක වෙනස්කම් පවතී. Huangyan දූපත් ආශ්‍රිත මුහුදු පරිසරයේ ගුණාත්මකභාවය වඩා යහපත් වී ඇති බවත්, ගල්පර ජෛව පද්ධතිය උසස් තත්ත්වයෙන් පවතින බවත් එහිදී අනාවරණය වී තිබේ. එහෙත්, රෙන් අයි ගල්පරය ආශ්‍රිත ජෛව පද්ධතියට මේ වනවිට දැඩි හානි සිදුව ඇත. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, පිලිපීන යුද නෞකා නීතිවිරෝධීව එම මුහුදු කලාපයේ රැඳී සිටීම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් බව ද අදාළ වාර්තාව පෙන්වා දී තිබේ.

පිලිපීනය දකුණු චීන මුහුදු ජෛව පරිසරයට දැඩි හානි සිදුකරන බව සාක්ෂි මගින් ඉතා පැහැදිලිව තහවුරු වී ඇත. එහෙත් පිලිපීනයේ දකුණු චීන මුහුදු මෙහෙයුම් කණ්ඩායම 9 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් එම කලාපයේ කොරල් පර විනාශ කරන බවට චීනයට චෝදනා එල්ල කර තිබීම පුදුමයට කරුණකි.

අදාළ ස්ථානයේ වසර 25 ක් තිස්සේ අඛණ්ඩව, නීතිවිරෝධීව රැඳි සිටින පිලිපීන යුද නෞකාව රෙන්අයි ගල්පර ජෛව පද්ධතියේ විවිධත්වයට හා තිරසරභාවයට බරපතල ලෙස හානි කර ඇති බව චීනය විසින් හෙළිදරව් කරගෙන තිබේ. ඒ, චන්ද්‍රිකා මගින් සහ ස්ථානීය සමීක්ෂණ දත්තවලට අනුව යි. පිලිපීන නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කැඩී ගිය සහ මිය ගිය කොරල් පර විශාල ප්‍රමාණයක් මේ වනවිට දැකිය හැකිය. එම ප්‍රදේශයේ මුහුදු ජලයේ අන්තර්ගත බැරලෝහ, තෙල් හා සක්‍රිය පොස්පේට්වල ප්‍රමාණ ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. විඛාදනයට ලක්වෙමින් පවතින යුද නෞකාව හා එහි සිටින පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් ඊට ප්‍රධාන හේතුවයි.

නිවැරදි හා විද්‍යාත්මක සමීක්ෂණ ඇසුරෙන් ලබා ගත් ප්‍රතිඵල මත පදනම්ව චීනය අදාළ වාර්තා දෙක නිකුත් කර තිබේ. ඒ අනුව, රෙන් අයි ගල්පර කලාපයෙන් නීතිවිරෝධී යුද නෞකා ඉවත් කරන ලෙස පිලිපීනයෙන් ඉල්ලා සිටීම චීනයේ ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ පියවරකි. එමෙන්ම එය රෙන් අයි ගල්පරයේ ජෛව පද්ධතියට අඛණ්ඩව සිදුවන විනාශය වැළැක්වීම සඳහාත්, සාගර පරිසර පද්ධතියේ පැවැත්ම සඳහාත් බොහෝසෙයින් ඉවහල් වන වගකීම්සහගත ක්‍රියාමාර්ගයක් ද වේ. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම