රුසියා-යුක්රේන ගැටුම් හා සම්බන්ධ අදාළ පාර්ශ්වයන් සංහිඳියා ආකල්පයකින් යුතුව කටයුතු කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-07-10 10:05:28
Share with:

රුසියා-යුක්රේන ගැටුම් හා සම්බන්ධ අදාළ පාර්ශ්වයන් සංහිඳියා ආකල්පයකින් යුතුව කටයුතු කරන ලෙස චීනය ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා ඊයේ(9) ආරක්ෂක මණ්ඩලයේ පැවති යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සමුළුවේදී මේ බව ප්‍රකාශ කළේය. අදාළ පාර්ශ්වයන් සංහිඳියා ආකල්පයකින් යුතුව ජාත්‍යන්තර මානව හිමිකම් නීති අනුගමනය කරමින් සිවිල් ජනතාව හා සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර වහාම අවසන් කරන ලෙස හෙතෙම අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. 

කඩිනමින් සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බව ද හෙතෙම එහිදී ප්‍රකාශ කර ඇත. එමෙන්ම ඵලදායී එකඟතාවන් ඔස්සේ යුදමය තත්ත්වය වහාම අවසන් කිරීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

යුක්රේන අර්බුදය හා සම්බන්ධ විවිධ පාර්ශ්වයන් සාමූහික සහයෝගීතා පවත්වා තිරසර ආරක්ෂක සංකල්පය මත ඵලදායී මෙන්ම ස්ථිර යුරෝපීය ආරක්ෂක රාමුවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතුය. සාම සාකච්ඡා ආරම්භ කිරීමට සහ යුක්රේන ප්‍රශ්නය දේශපාලන ක්‍රම ඔස්සේ විසඳා ගැනීමට වඩා ඵලදායී දායකත්වයක් දැක්වීමට චීනය අඛණ්ඩව උත්සාහ දරන බව ද Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම