පරිසරයට හානි නොකරන ලෙසත්, රෙන් අයි ගල්පරයෙන් සිය නීතිවිරෝධී යුද නෞකා ඉවත් කරන ලෙසත්, චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී
2024-07-10 17:23:04
Share with:

රෙන් අයි ගල්පරය ආශ්‍රිත පරිසරයට හානි නොකරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා චීනය “ අනවසරයෙන් රැඳී සිටින යුද නෞකා රෙන් අයි ගල්පරයේ ජෛව පද්ධතියට හානි සිදු කිරීම පිළිබඳ විමර්ශන වාර්තාව ”නිකුත් කර ඇත. පිලිපීන යුද නෞකා අනවසරයෙන් රෙන් අයි ගල්පරයට ඇතුළු වී එහි ජෛව පද්ධතියට බරපතල ලෙස හානි සිදු කරන බව එම වාර්තාව මගින් පෙන්වා දෙයි. ඊයේ (9) පිලිපීනය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රෙන් අයි ගල්පරයේ ජෛව පද්ධතියට හානි සිදු කරන්නේ තමන් නොව චීනය බවයි.

පිලිපීනයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා අද (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය. රෙන් අයි ගල්පරය චීනයට අයත් මුහුදු ප්‍රදේශයකි. චීනය එහි ජෛව පද්ධතිය ආරක්ෂාව ඉතා වැදගත්‍ කොට සලකන බව ලින් චියෙන් මහතා එහිදී කියා සිටියේ ය. රෙන් අයි ගල්පරයේ ජෛව පරිසරයට හානි කිරීම නතර කරන ලෙසත්, රෙන් අයි ගල්පරයෙන් සිය නීතිවිරෝධී යුද නෞකා ඉවත් කරන ලෙසත්, චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් ‍කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම