පාසල්- රෝහල් බාධා නැතිව ගෙනයන්න නව නීතියක්
2024-07-10 16:05:40
Share with:

පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාසල් කාල සීමාවන්හිදී ඉගැන්වීමේ කටයුතු වලට බාධා වන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී ඇතැයි රජය පවසයි.

එවැනි අනීතික ක්‍රියා මඟින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු කරනු ලබන අසාධාරණයන් වැලැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම