චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්
2024-07-10 09:26:35
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ(CPPCC) ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය අතර හමුවක් ඊයේ(09) බෙයිජිං හි දී සිදු විය.

එහිදී Wang Huning මහතා කියා සිටියේ දෙරට නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීනය සහ බංගලාදේශය මිත්‍රශීලී සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවක් සඳහා මනා ආදර්ශයක් පවත්වා ගනිමින් සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන බවයි.

බංග්ලාදේශය සමග විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය නව මට්ට්මකට ඔසවා තබමින් දෙරට ජනතාවට වඩා ප්‍රතිලාභ ලබා දීමට චීනය සූදානම් බව ද Wang Huning මහතා එහිදී පැවසීය. එමෙන්ම හවුල් අනාගතයක් සහිත චීන-බංග්ලාදේශ ප්‍රජාවක් ගොඩනැගීමට චීන මහජන දේශපාලන උපදේශක සභාව බංග්ලාදේශය සමග මනා සන්නිවේදනයකින් සහ සහයෝගීතාවයකින් කටයුතු කිරීමට ද අපේක්ෂා කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ බංග්ලාදේශයට ලබා දෙන වටිනා සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය එහිදී චීනයට සිය ස්තුතිය පළ කළාය. බංග්ලාදේශය සෑම විටම එකම චීනය මූලධර්මයට අනුගත වන බවත්, ද්විපාර්ශ්වික සබඳතාවල සාර්ථකත්වය උදෙසා චීනය සමග සර්වකාලීන සහයෝගීතාව  පවත්වා ගනිමින් රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම