තම සාගර කලාපයේ නීතිවිරෝධීව රඳවා ඇති පිලිපීන යුද නෞකාවකින් රෝගියෙකු ඉවත් කිරීමට චීනය අවසර දෙයි
2024-07-10 09:49:07
Share with:

චීනයේ Ren'ai ගල්පරය ආශ්‍රිත මුහුදේ නීතිවිරෝධී ලෙස රඳවා ඇති  යුද නෞකාවකින් රෝගී පුද්ගලයෙකු ඉවත් කිරීමට පසුගිය 7 වැනිදා චීනය පිලිපීනයට අවසර ලබා දී ඇත. චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා පැවසුවේ, පිලිපීනයේ ඉල්ලීම මෙන්ම මානුෂීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.  චීන වෙරළාරක්ෂක බලකාය සමස්ත පිලිපීන මෙහෙයුම එහිදී නීත්‍යනුකූල අයුරින් නිරීක්ෂණය කර ඇත.

Ren'ai ගල්පරය ඇතුළු Nansha දූපත් සහ අවට මුහුදු කලාපය සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් හිමි ය. චීන වෙරළාරක්ෂක බලකාය තම රටේ බල ප්‍රදේශයට අයත් සාගර කලාපයේ නීත්‍යානුකූලව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නිසි ලෙස ඉටුකරමින් රටේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතිවාසිකම් අධිෂ්ඨානශීලීව සහතික කරන බව ද Gan Yu මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම