නේටෝ සංවිධානයේ නායක සමුළුව ඊයේ (9) වොෂිංටන් නුවර දී ආරම්භ වී ඇත.
සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවේදී, නේටෝ මහලේකම් Jens Stoltenberg පැවසුවේ, “චීනය සහ අනෙකුත් රටවලට මුහුණ දීම සඳහා, අප ඉන්දු-ශාන්තිකර කලාපයේ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කළ යුතු” බවයි. ඔහුගේ මෙම ප්‍රකාශය විමසා බැලිය යුත්තකි. ආසියා-ශාන්තිකර කලාපයේ කටයුතුවලට මැදිහත් වී ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා, චීනය කඩතුරාවක් ලෙස භාවිත කිරීමට නේටෝව දරන උත්සාහය ඔහුගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගත වන බව බොහෝ මාධ්‍යවලින් ද පෙන්වා දී තිබේ.
සීතල යුද්ධයේ දිගුවක් ලෙසත්, ලොව විශාලතම සන්නද්ධ කණ්ඩායම ලෙසත් ස්ථාපිත නේටෝව ආරම්භයේ සිට ක්‍රියාත්මක වී ඇත්තේ සන්ධාන ගැටුම් සඳහා ඇමරිකානු මෙවලමක් වශයෙනි. මෑත වසරවල පැවති නේටෝ සමුළුවල දී "චීන තර්ජනය" පිළිබඳ ඊනියා අදහස අතිශයින් හුවාදක්වා ඇත. එසේම, ආසියා-ශාන්තිකර රටවල් අතර ගැටුම් අවුලුවාලමින් දකුණු චීන මුහුද, චීන තායිවාන් සමුද්‍ර සන්ධිය සහ ඊනියා "නාවික ගමනාගමන නිදහස" සම්බන්ධයෙන් ගැටළු මතුකිරීමට ද ඇමරිකාව ඇතැම් නේටෝ රටවල් හා සම්බන්ධ වී සිටී.
එහෙත් සැබැවින්ම, ආසියාවේදී චීනය "කොටු කර ගැනීම"ට නේටෝව අපොහොසත් වනු ඇති අතර, එය ඔවුන්ට අසීරු කාර්යයක් වනු ඇත. එසේම, ආසියා-ශාන්තිකර කලාපයේ ඊනියා නව ආරක්ෂක රාමුවක් ගොඩනැගීමට ඇති හැකියාව ඊටත් වඩා අඩු මට්ටමක පවතී.
ආසියා-ශාන්තිකර කලාපයේ බහුතර රටවල් අනිසි ආධිපත්‍යයට එරෙහි වේ. තම කලාපය මත බලහත්කාර ආධිපත්‍යය පටවන නේටෝව ඔවුන් පිළිගන්නේ නැත. මීට අමතරව, නේටෝ සංවිධානයේ සාමාජික රටවල් රැසක් ද "නේටෝවේ ආසියා ශාන්තිකරකරණය කිරීම" ට ප්‍රතිරෝධය දක්වයි. ඒ, නේටෝව යුරෝපා කලාපයේ ආරක්ෂක ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීම එම සංවිධානයේ යුරෝපා සාමාජිකයන්ගේ අපේක්ෂාව වී ඇති නිසාය.
ඒ අතරම, "චීන තර්ජනය" පිළිබඳ නේටෝවේ අතිශයෝක්තිය නොතකා එහි බහුතර සාමාජිකයෝ චීනය සමඟ ස්ථාවර සබඳතා පවත්වමින් සිටිති. චීනය, කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය හා සමෘද්ධියට පදනමක් බව බහුතර ආසියා-ශාන්තිකර කලාපීය රටවල පිළිගැනීමයි.
මේ අනුව, නේටෝවේ ඊනියා ‘ආසියා-ශාන්තිකර උපායමාර්ග’ එම කලාපය තුළ දැඩි ලෙස අසාර්ථක වනු ඇත. ලොව ඓතිහාසික ප්‍රවණතාවට ද පටහැනි එම ක්‍රියාමාර්ග අකුළා ගැනීමට ඔවුන්ට සිදුවනු ඒකාන්තය.