උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ
2024-07-10 16:07:22
Share with:

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කර තිබේ.

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම අද (10) අවසන් වීමට නියමිතව තිබිණ.

එහෙත් නොවැළැක්විය හැකි හේතූන් මත එම දිනය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එදිනෙන් පසු යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් යොමුකිරීම කල් නොදමන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.‍

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම