චීන ජනපති හා බංග්ලාදේශ අගමැතිනි අතර හමුවක්
2024-07-10 19:40:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා චීනයේ නිල සංචාරයක නිරත බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය අතර හමුවක් අද(10) බෙයිජිංහිදී පැවැත්විණ. චීන බංග්ලාදේශ සබඳතාව විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව‍ ලෙස වැඩිදියුණු කිරීමට නායක දෙපළ එහිදී එකඟත්වය පළ කළහ.

චීනය හා බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමෙන් පසු දෙරට තිරසරව අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම, අනුබල දීම හා සාධාරණව සහයෝගිතා පැවැත්වීම සිදු කර තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ලබන වසරේ එළඹෙන දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල අධික ගුණාත්මක භාවයෙන් යුතුව සංවර්ධනය කිරීම, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම හා ගැඹුරු කිරීම මගින් දෙරටේ සබඳතාව ස්ථීර මෙන්ම යහපත් ලෙස ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය.

බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම, තම රටට ගැළපෙන සංවර්ධන මාර්ගයේ ගමන් කිරීමට චීනය අනුබල දෙයි. ලබන වසරේ චීන බංග්ලාදේශ මානව හුවමාරු වසර නමින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දෙපාර්ශ්වය සංස්කෘතික, සංචාරක, මාධ්‍ය හා ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීනය දැවැන්ත ජයග්‍රහණ ලබා ගැනීම හා ජන ජීවිතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම පිළිබඳ බංග්ලාදේශය ඉහළ ප්‍රශංසා පළ කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය එහිදී පැවසුවාය. ජාතික විමුක්තිය ප්‍රවර්ධනයට හා දරිද්‍රතාව පිටුදැකීමට චීනයෙන් ලැබුණ  සහාය පිළිබඳව ඇය ස්තුතිය පළ කළාය. චීනයේ සංවර්ධන අත්දැකීම අධ්‍යයනය කරමින් දෙරටේ ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම් හා දරිද්‍රතාව පිටුදැකීම ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට බංග්ලාදේශය කැමැත්තෙන් සිටී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සහයෝගිතාවට බංග්ලාදේශය අඛණ්ඩව එක් වනු ඇත. එකම චීනය ප්‍රතිපත්තිය දැඩිව අනුගමණය කරමින් තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරයට බංග්ලාදේශය අනුබල දෙන බව Sheikh Hasina මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම