චීනයේ Huangyan දූපත් මුහුදු ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සහ තක්සේරු වාර්තාව නිකුත් කෙරේ
2024-07-10 14:15:36
Share with:

චීනයේ Huangyan දූපත් මුහුදු ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සහ තක්සේරු වාර්තාව අද (10) නිකුත් කර ඇත. .  එම වාර්තාව නිකුත් කරමින් චීන පරිසර අමාත්‍යංශය සඳහන් කරන්නේ Huangyan දූපත් මුහුදු ප්‍රදේශයේ පාරිසරික ගුණාත්මකභාවය යහපත් වන අතර, කොරල්පර පරිසර පද්ධතිය ද සුරක්ෂිතව පවතින බවයි.

2024 මැයි සිට ජූනි දක්වා, චීන පරිසර අමාත්‍යාංශයේ දකුණු චීන ආයතනය ඇතුළු ආයතන තුනක් එක්ව Huangyan දූපත් මුහුදු ප්‍රදේශයේ පාරිසරික තත්ත්වයන් පිළිබඳ පරීක්ෂණයක් ක්‍රමානුකූලව සිදු කර ඇත. එය Huangyan දූපතේ මුහුදු ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය පිළිබඳ සිදු කළ පළමු පූර්ණ පරීක්ෂණයයි. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව, Huangyan දූපතේ මුහුදු ජලයේ ගුණාත්මකභාවය සහ සමුද්‍රීය අවසාදිත තත්ත්වය පළමු උසස් මට්ටමේ පවතින බව පෙන්නුම් කරයි. එමෙන්ම මත්ස්‍ය සාම්පලවල ඉතිරිව ඇති බැර ලෝහ සහ පෙට්‍රෝලියම් හයිඩ්‍රෝකාබන් ඇතුළු දූෂක ප්‍රමාණය අවම සීමාවක පවතී. කොරල් පරිසර පද්ධතිය සුරක්ෂිත බවත්, Hermatypic නමැති කොරල් විශේෂ විවිධත්වයන් සහිත බව ද මෙම වාර්තාවෙන් පෙන්නුම් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම