“Greening the Blue” වාර්තා චිත්‍රපටය චීනය දකුණු චීන මුහුද සිය නිල් නිජබිමක් ලෙස සුරැකීමේ අධිෂ්ඨානය පහදයි
2024-07-10 18:39:08
Share with:

වැලි බිම් මතින් මහ ගස් රෝපණය කරන්නේ කෙසේ ද ? මුහුද ආශ්‍රිත වැසියන්ට ජල හා විදුලි බල ජාල මගින් සැපපහසු  ජීවිත ලබා දෙන්නේ කෙසේ ද ? තුවාල ලැබූ මුහුදු කැස්බෑ පැටවුන් සුව කර ආපසු මුහුදට යවන්නේ කවුරුන් ද ? වියැකී ගිය කොරල්පරයට යළි ජීවය ලබා දිය හැකි ද ? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලැබිය හැක්කේ චීනයේ CGTN නාලිකාව දකුණු චීන මුහුදේ පරිසර සංරක්ෂණය පිළිබඳ නිෂ්පාදනය කළ“Greening the Blue”නම් වාර්තා චිත්‍රපටය මගිනි.

ගෙවුණු දශකය තුළ CGTN නාලිකාවේ මාධ්‍යවේදීන් තුන් වරක් දකුණු චීන මුහුදේ පිහිටි  San Sha නගරයට ගොස් ඇත. පරිසර සංරක්ෂණය, මුහුදු දූපත් සංවර්ධනය, දූපත්වාසීන්ගේ ජීවිත නගාසිටුවීම වෙනුවෙන් San Sha නගරය දැරූ උත්සාහ සහ ලබාගත් ජයග්‍රහණ එම වාර්තාකරණ චාරිකා තුනේදී CGTN මාධ්‍යවේදීන් සියැසින් දැක තිබේ. ඔවුන් “Greening the Blue” වාර්තා චිත්‍රපටය හරහා ප්‍රෙක්ෂකයන් වෙත බහුමාන රූප රාමු ගණනාවක් ඉදිරිපත් කරමින්, මිනිසා හා සොබාදහම අතර පවතින සුහද සහජීවනය මෙන් ම චීනය දකුණු චීන මුහුද සිය නිල් නිජබිමක් ලෙස සුරැකීමේ අධිෂ්ඨානය ද පහදා දී ඇත.

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම