චීන ජනපති හා ගිනියා-බිසාවු ජනරජයේ ජනපති අතර හමුවක්
2024-07-10 20:14:55
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(10) පස්වරුවේ බෙයිජිං මහජන මහා ශාලාවේදී, චීනයේ නිල සංචාරයකට පැමිණි ගිනියා-බිසාවු ජනරජයේ ජනාධිපති Umaro Sissoco Embaló මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. චීනය සහ ගිනියා-බිසාවු අතර සබඳතාව උපායමාර්ගික හවුල්කාරිත්වයක් ‍ලෙස වැඩිදියුණු කිරීමට, දෙරටේ නායකයෝ පොදුවේ එකඟ වූහ.

චීනය සහ ගිනියා-බිසාවු අතර මිත්‍රත්වයට විශේෂ ඉතිහාසයක් ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. මෑත වසරවල, දෙරට අතර සබඳතා අඛණ්ඩ ව ගැඹුරු වී ඇති අතර, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් වී තිබේ. එසේම දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාව වඩාත් පුළුල් වන අතර, ජාත්‍යන්තර සම්බන්ධීකරණය වඩාත් සමීපව පවතී. ගිනියා-බිසාවු සිය ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව ගවේෂණය කිරීමට චීනය සහාය දක්වයි. ගිනියා-බිසාවු ජනරජය සමඟ, සම්ප්‍රදායික මිත්‍රත්වයට උරුමකම් කීමට, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට, චීනය කැමැත්තෙන් සිටී. එසේම දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වයේ අරුත අඛණ්ඩව පොහොසත් කිරීමට මෙන්ම, ජාතික සංවර්ධනය වඩා හොඳින් සාක්ෂාත් කර ගැනීමට ගිනියා-බිසාවු රාජ්‍යයට උදව් කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් ‍කළේ ය.

ගිනියා-බිසාවු සහ චීනය අතර යහපත් සහ ශක්තිමත් සබඳතා ඇති අතර, දෙපාර්ශවය සැමවිටම එකිනෙකාට ස්ථිරව සහයෝගය දක්වන බව, Embaló මහතා පැවසීය. අප්‍රිකානු මහාද්වීපයේ සංවර්ධනයට උපකාර කිරීමේදී චීනයේ වැදගත් කාර්යභාරය සහ ධනාත්මක දායකත්වය ගිනියා-බිසාවු ඉතා ඉහළින් අගය කරයි. ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට, ගෝලීය සංවර්ධන මුලපිරීමට, ගෝලීය ආරක්ෂක මුලපිරීමට සහ ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරීමට, ගිනියා-බිසාවු ජනරජය සහාය දක්වයි. චීනය සමඟ, බහුපාර්ශ්වික කටයුතුවලදී සමීපව සන්නිවේදනය සහ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙන්ම, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට, ගිනියා-බිසාවු කැමැත්තෙන් සිටින බව, Embaló මහතා සඳහන් ක‍ළේ ය.

සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙපළගේ නිරීක්ෂණයෙන් යුතුව ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට අත්සන් තැබීම ද සිදු කෙරිණ. දෙපාර්ශවය විසින් "උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ ගිනියා-බිසාවු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය" නිකුත් කරන ලදී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම