10 වන Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය ඇරඹේ
2024-07-10 11:23:42
Share with:

 10 වන Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය අද(10) චීනයේ Qufu නගරයේ දී ආරම්භ විය. දෙස් විදෙස් රටවල් 63 කින් ආරාධිතයන් 400 කට ආසන්න පිරිසක් ඊට සහභාගි වී  සිටී.

මෙවර සංසදයේ තේමාව වන්නේ "සාම්ප්‍රදායික සංස්කෘතිය සහ නවීන ශිෂ්ටාචාරය" යන්නයි. එය "ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ක්‍රියාත්මක කිරීම, සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එක්ව වැඩ කිරීම" යන අරමුණින් පැවැත්වේ.

මෙම සංසදයේදී ප්‍රධාන දේශන, උසස් ම‍ට්ටමේ සංවාද, චීන-ඉතාලි සම්භාව්‍ය ශිෂ්ටාචාර සංවාදය, Nishan කොන්ෆියුසියස් ධර්ම සංවාද, ක්‍රීඩා සංස්කෘතික සංසදය, සම්ප්‍රදායික චීන වෛද්‍ය සංස්කෘතික සංසදය සහ පවුල් සංස්කෘතික සම්මන්ත්‍රණ යන විවිධ ක්‍රියාකාරකම් 20කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම