ඇතැම් රටවල් සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීමට දැඩි ලෙස විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි
2024-07-09 19:55:27
Share with:

අදාළ රටවල් මෑතකදී නැවත වරක් චීනයට අපහාස කිරීමට සහ චීනය අපකීර්තියට පත් කිරීම සඳහා සයිබර් ප්‍රහාර භාවිතා කර ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, සයිබර් ආරක්ෂණ ගැටළු භාවිතා කිරීමෙන් චීනයට අපහාස කිරීම කෙරෙහි දැඩි ලෙස විරුද්ධ වන බවයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(9) මාධ්‍ය හමුවකදී පැවසුවේ, යම් කාලයක් තුළ, චීනයේ අදාළ ආයතන විසින්, ඇමරිකාවට සම්බන්ධ APT සංවිධාන පිළිබඳ විශ්ලේෂණ වාර්තා ඇතුළුව බහුවිධ විශ්ලේෂණ සහ විමර්ශන වාර්තා නිකුත් කර ඇති බවයි. ඇමරිකාව දිගු කලක් තිස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවා හරිමින්, "චීන සයිබර් ප්‍රහාර තර්ජන න්‍යාය" උද්දීපනය කරයි. ඒ සමඟම තම අධිපතිවාදී ස්ථාවරය සහ තාක්‍ෂණික වාසි මත, විශ්වාසය තබා ඇමරිකාව ජාල නිරීක්ෂණ සහ ලොව පුරා සොරකම් සිදු කරන බව, එම වාර්තාවේ සඳහන් වේ.

චීනයට එරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා "Volt Typhoon නොහොත් එක්සත් ජනපද කොන්ග්‍රසය සහ බදු ගෙවන්නන් වංචා කිරීමට එක්සත් ජනපද බුද්ධි ඒජන්සිවල කුමන්ත්‍රණය" උද්දීපනය කිරීමේ ඇමරිකානු ව්‍යාපාරය පිළිබඳව, චීනය ඊයේ(8) සිය ස්ථාවරය ප්‍රකාශ කළ සැනින්, අද වන විට චීනයේ සයිබර් ප්‍රහාර උද්දීපනය කිරීම් පිළිබඳ පුවත් දැකිය හැකි ය. මේ අහඹු සිදුවීම නිසා තිරය පිටුපස සිට රහසිගතව හසුරුවන සහ අවධානය වෙනතකට යොමු කරන රටවල් කිහිපයක් සිටින බවට සැකයක් නැත. අදාළ පාර්ශ්ව දෙනෙත් අයා බලා සිටින අතර, හරි වැරැද්ද අතර වෙනස හඳුනා ගත යුතු ලෙසත්, වෙනත් රටවල් භාවිතා කරන මෙවලමක් බවට පත් නොවන ලෙසත්, චීනය යෝජනා කරන බව, Lin Jian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම